මිනිසාගේ වැරදිවලට වගකිව යුත්තේ කවුද?
මිනිසාගේ වැරදි වලට වරදකරු දෙවියන්ද ? මිනිසාද?
ලොවහි දෙවියන්ව මිනිසා මැව්වේද ? නැතිනම් ,මිනිසාව දෙවියන් මැව්වේද ?
යුක්තිය , අවංකකම ,ආදරය , වැනි ගුණාංගයන් ඇති දෙවියන් මිනිසාව
මැවූවේ නම් , මිනිසා නරක ක්‍රියාවන්හි යෙදෙන්නේ ඇයි?
මෙය මවිතය දනවන ප්‍රශ්නයකි .ඒත් හිතට එකඟව ලොවහි සිදුවන විවිධ දේ බලා අසනු ලැබු ප්‍රශ්නයක් බවයි මට පෙනෙන්නේ . දෙවියන් කිසිම මිනිසෙකු පාපියෙක්
,මංකොල්ලකරුවෙක්,සොරෙක් ,යන නම්වලින් මැවූවේ නැත . එහෙත් , අල්කුරානය සඳහන් කරන පරිදි දෙවියන් මිනිසා මවා ඇත්තේ ඉතා යහපත් තත්වයකය . එපමණක් නොව , මවනු ලැබු මිනිසා මෙම පොළෝතලයහි තමන් සිතු හැටියට ජිවත් විය හැකිය මඟපෙන්වීමක් නැති තත්වයක තැබූවේ ද නැත. ඒ වෙනුවෙන් කාලයෙන් කාලයට ,ඒ ඒ කාලවල අවශ්‍යතාවයන් අනුව මඟපෙන්වීම සඳහා දේව ග්‍රන්ථ ද උතුම් නබිවරුන් ද පහළ කළේය . ඒ උතුම්වූවන් තුළින් මෙයයි හරි , මෙයයි වැරදි ,මෙයයි සත්‍යය , මෙයයි අසත්‍යය යන්නද පැහදිලි කළේය . ඉක්බිතිව , ඒ සියල්ල වටහා ගැනීමට හැකි
බුද්ධිය හා චින්තනය යන දායාදයන් ද දෙවියන් වහන්සේ මිනිසාට හිමි කළේය . ඒ මාර්ගයෙන් මිනිසාගේ ජිවිතයට ආලෝකය ලැබිය යුතුයි යන්නයි දෙවියන්ගේ අපේක්ෂාව . ඇත්තෙන්ම දෙවියන් වහන්සේ මඟපෙන්වීම හා බුද්ධිය පමණක් මිනිසාට ප්‍රදානය කිරිමෙන් නැවතුනේ නැත .
එහෙත් , මිනිසාට හොඳ නරක වටහා ගැනීමේ හෘද සාක්ෂියක් ද අභ්‍යන්තර හැඟීමක්ද ඇති කළේ මේ නිසාවෙනි , කෙතරම් අපරාධයෙක් වූවද බොරුව ,සොරකම , අයුක්තිය වැනි දේ ඉදිරියේ සැලෙන්නේ , සිත් තැවුලට පත්වන්නේ , මේ පිළිබඳ අත්දැකීම් බොහෝ ඇත. මෙසේ මිනිසාට බුද්ධිය ,මඟපෙන්වීම , හෘද සාක්ෂිය යනාදිය දෙවියන් විසින් පිරිනැමු පසුවත් , මිනිසා අපරාධකාර යෙකුව ,පව්කාරයෙකුව ,වෙනත් වචනයකින් හඳුන්වා දෙනවානම් ඇතැම් අවස්ථාවන්හි තිරිසනෙකුව හැසිරෙන්නේ ඇයි ?
මෙම සත්‍යය පැහැදිලි කරන අටියෙන්ය අල්කුර් ආනය , මිනිසා ඇතැම් අවස්ථාවන්හි තිරිසන් සතුන්ගේ ගතිගුණ ඇත්තෙක් ලෙස පරිවර්තනය වන බව සඳහන් කරන්නේ !
1 මිනිසා කවර අවස්ථාවක තමාට ලැබුණු භාග්‍යයක් වු දැනුම තුළින් කල්පනා කිරිමට , සිතීමට පසුබට වන්නේද එවිට හෙතෙම තිරිසනෙක් වන්නේය .හේතුව ,මිනිසා හා තිරිසනා අතර තිබෙන වෙන්කර බැලීමට රේඛාව බුද්ධිය හා චින්තනය යනු පැහැදිලිය .
2 අනෙක මිනිසා කවර අවස්ථාවක අන්ධ භක්තියෙන් හා මොඩකමින් තම මුතුන්මිත්තන්ගේ වැරදි චින්තන ,ක්‍රියා හා ජිවිතය පිළිබඳ අදහස් අනුගමනය කරන්නේද , එතාක්කල් හෙතෙම තිරිසන් තත්වයකට තල්ලු වන්නේය යන්න ශුද්ධ කුර් ආනයේ ස්ථාවරයයි .
3 කෙනෙකු තම ජිවිතයෙහි මුදල , ඉඩකඩම් , බඩුබාහිරාදිය හා වස්තූන් කෙරෙහි වැඳ වැටි, එවාට වහල් වී ආත්මාර්ථකාමී තත්වයකට අවතීර්ණ වන්නේද එවන් අවස්ථාවකදි ඔහුගේ තත්වයත් ඉහත සඳහන් පරිදිම ඇත්තේය
. 4 ජිවිතයේ ඇතැම් අවස්ථාවන්හි වෙනස් වූ පරිසරයක බලපෑම්වලට (දුගීභාවය යමක් නැතිවීම )
The post මිනිසාගේ වැරදිවලට වගකිව යුත්තේ කවුද? appeared first on ඔබට ඉස්ලාම්.