ශුද්ධවූ අල් කුර්ආනයෙහි අඩංගු පරිච්ඡේදයන්ට සමාන වන එක් පරිච්ඡේදයක් නිර්මාණය කිරීම සඳහා පවතින විශාල අභියෝගය.
අල් කුර්ආනයෙහි දෙවියන්වහන්සේ මෙසේ පවසා ඇත:
අපගේ ගැත්තා ( මුහම්මද් නම් ධර්මදුතයාණන්) ට අප පහළ කළ දෑ (අල් කුර්ආනය) සම්බන්ධයෙන් (එය දෙවියන්වහන්සේ විසින් පහළ කළ බවට) නුඹලා සැකයේ සිටී නම් එවැනි පරිච්ඡේදයක් ඉදිරිපත් කරනු!. තවද නුඹලා සත්‍යවාදීහු නම්, එය (සාක්ෂාත් කරනු වස්) දෙවියන්වහන්සේ හැර නුඹලාගේ ආධාරකරුවන් කැඳවාගනු. එහෙත් නුඹලා එසේ නොකරන්නේ නම් නුඹලාට කිසි කලෙකත් එසේ කිරීමට නොපුළුවන. එබැවින් දේව විශ්වාසය නොමැති අය සඳහා පිළියෙළ කරන ලද ඉන්දන ලෙස මිනිසුන්වද, ගල්ද දවාලන ගින්නට බියවනු. (මුහම්මද් ! මෙම අල් කුර්ආනය) විශ්වාස කරන්නා වූත් (ඒ අනුව) යහපත් ලෙස ක්‍රියාකරන අයට ගලා බසින ගංගාවන්ගෙන් යුතු ස්වර්ගය ඇතැයි ශුභාරංචි දන්වනු……(අල් කුර්ආනය 2:23-25)
අල් කුර්ආනයෙහි සඳහන්ව ඇති එක් පරිච්ඡේදයක් මෙන් එනම් ඒ හා සමානව අලංකාරය, ව්‍යක්තභාවය, ශ්‍රේෂ්ඨභාවය, බුද්ධිමත් නීති පැනවිම්, සත්‍ය තොරතුරු, සත්‍ය අනාවැකි සහ අඩු ලුහුඩුකම් වලින් තොරවූ අනෙකුත් ගුණාංගයන්ගෙන් සමන්විත එකම එක පරිච්ඡේදයක්වත් නිර්මාණය කිරීමට, ශත වර්ෂ දහ හතරකට පෙර කුර්ආනය පහළ කළදා සිට මේ දක්වාම කිසිවෙකුටත් නොහැකි වී තිබේ. තවද කුර්ආනයෙහි සඳහන්ව ඇති ඉතාමත් කුඩා, වචන දහයකින් පමණක් සමන්විත (108 වන) පරිච්ඡේදයක්වත් තවමත් නිර්මාණය කිරීමට හා එම අභියෝගය ජය ගැනීමටඑදා සිට අද දක්වාම1 කිසිම කිසිවෙකුටත් නොහැකි වී තිබේ.
වක්තෘ මුහම්මද් තුමාගේ සතුරන් වූ දේව විශ්වාසය නොකරන්නාවූ අරාබිවරුන් සමහරෙක් මෙම අභියෝගය ජය ගැනීමට උත්සාහ කරමින් වක්තෘ මුහම්මද් තුමාණන් සත්‍යවු වක්තෘවරයෙකු නොවන බව ඔප්පු කිරීමට උත්සාහ කළද, ඔවුන්ගේ උත්සාහය අසාර්ථක විය2. මෙම උත්සාහය අසාර්ථක වුයේ කුර්ආනය ඔවුන්ගේම භාෂාව වන දේශිය භාෂාවෙන් හෙළි දරවු වී තිබියදීත් හා වක්තෘ මුහම්මද් තුමාගේ කාලයෙහි සිටි ආරබිවරුන් අද දක්වා වර්ණනා කළ හැකි ආකාරයේ ඉතාමත් මනහර හා විශිෂ්ඨ වූ කාව්‍යයන් රචනා කිරීමේ දක්ෂයන්ව සිටියදිත් ය.
(1) See Al-Borhan fee Oloom Al-Quran, Al-Zarkashy, vol. 2, p. 224.
(2) See Al-Borhan fee Oloom Al-Quran, Al-Zarkashy, vol. 2, p. 226.
source:-A Brief Illustrated guide to understanding Islam (www.islam-guide.com)ඇසුරිනි
The post ශුද්ධවූ අල් කුර්ආනයෙහි අඩංගු පරිච්ඡේදයන්ට සමාන වන එක් පරිච්ඡේදයක් නිර්මාණය කිරීම සඳහා පවතින විශාල අභියෝගය. appeared first on ඔබට ඉස්ලාම්.